Saturday, February 19, 2011

තැවෙන සිත

වැසි වැටුනු පොලව මත
ඇති කුඩා වැහි බිදු ද
නොනැවතී යළි
අහස් කුස සොයා යන සේම

රොන් අරන් ගිය බඹරු
නැවත හෙට දවස තුළ
යලිත් පෙර මල් සොයා
රොන් ගන්න එන සේම

තණ නිල්ල පසුකරන්
ඇදී ගිය මද පවන
යළිත් ඒ නැවුම් බව
සිප ගන්න එන සේම

වෙරළ ඉම හැර දමා
මහ මුහුද මැදට ගිය
ඔරු කදන් සැඳෑ කළ
වෙරළ වෙත එන සේම

හදවතේ පත්ල මත
රැදි මගේ ආදරය
යළි යළිත් නැගී හිද
පාරවයි මගේ සිත

Thursday, February 17, 2011

තනි තරුව

ඉකි බිඳින තනි තරුව
අමාවක රෑ අහස
සඳ එනතුරා පෙර මග බලා
සුසුම් හෙලාවි...
සඳ කොහෙ ගොස් ඇද්ද
අන් නුබක පායද
තරු එළිය නිවී යන්නට ලඟයි
හෙට දිනද ගෙවී
රෑ අහස එළිය කර
පෑයුවද නුඹ සඳ සාවියනි
දැණේද ඔබට
තරු එළිය නැති වග
කිසිදාක.....

නෙතක් ලඟ

කඳුළු අතරින් සිනා සෙන්නට
වරම් නොලබා සිටින මොහොතේ
යළිත් අතරමං වූ මගේ සිත
නැවතුනා හිනැහෙන නෙතක් ළඟ
බියක් දැණුනත් නතර වන්නට
අකීකරු වු මගේ මේ සිත
යළි ‍යළිත් ඒ නෙතු සොයා
ඇදී යයි ඒ රුව සොයගෙන
දැණුනද යම් හුරු බවක් එහි
වරම් ලැබුවද සිනාසෙන්නට
මගේ හදවත සැලේ නිතැතින්
පෙර එදා අමිහිරි මතකයන් මැද
වරක් හැඬුවා ප්‍රේමයෙන් මම
තව වරක් නම් බැහැ හඬන්නට
විසල් වු ලොව දෙස
දෙසවන් යොමවු විට
ජීවිතය යනු දුක කැයි
විවෘතව තෙරුම් ගැනීම
කෙනෙකු සතුවිය යුතු වුවද
සසර පුරා එහෙවූ දුක් වලට වඩා
සසරෙන් එතෙර වීම යෙහෙකි
දුක නැමති ජලයේ පිරී ගිලෙන්නට යන
ජීවිතය නැමති නෞකාව තුළ
අත්දැකීම් නැමති රුවල
අභියෝග නම් රළ බිද දමා
නිවන නම් මාර්ගය ඔස්සේ
සසර නම් සයුර තරණය කරයි ද
වෙරළ නැමති සසර ඉම පෙනි පෙනී
ගිලෙන්නා වූ ඒ නව දෙස බලා සිටින්නේ
මායාවෙන් තොර විදර්ශනාව නැමති තොටුපොයි