කඳුළු අතරින් සිනා සෙන්නට
වරම් නොලබා සිටින මොහොතේ
යළිත් අතරමං වූ මගේ සිත
නැවතුනා හිනැහෙන නෙතක් ළඟ
බියක් දැණුනත් නතර වන්නට
අකීකරු වු මගේ මේ සිත
යළි යළිත් ඒ නෙතු සොයා
ඇදී යයි ඒ රුව සොයගෙන
දැණුනද යම් හුරු බවක් එහි
වරම් ලැබුවද සිනාසෙන්නට
මගේ හදවත සැලේ නිතැතින්
පෙර එදා අමිහිරි මතකයන් මැද
වරක් හැඬුවා ප්‍රේමයෙන් මම
තව වරක් නම් බැහැ හඬන්නට

No comments:
Post a Comment