වැසි වැටුනු පොලව මත
ඇති කුඩා වැහි බිදු ද
නොනැවතී යළි
අහස් කුස සොයා යන සේම
රොන් අරන් ගිය බඹරු
නැවත හෙට දවස තුළ
යලිත් පෙර මල් සොයා
රොන් ගන්න එන සේම
තණ නිල්ල පසුකරන්
ඇදී ගිය මද පවන
යළිත් ඒ නැවුම් බව
සිප ගන්න එන සේම
වෙරළ ඉම හැර දමා
මහ මුහුද මැදට ගිය
ඔරු කදන් සැඳෑ කළ
වෙරළ වෙත එන සේම
හදවතේ පත්ල මත
රැදි මගේ ආදරය
යළි යළිත් නැගී හිද
පාරවයි මගේ සිත

No comments:
Post a Comment